යටිනුවර ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ වැඩසටහනක්.
යටිනුවර ප්‍රාදේශීය සභාව මඟින් සංවිධානය කරන ලද ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ වැඩසටහනක් අද දින (9) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
කාලීනව ඉහළ යන පෝෂණ අර්බුදයන් හමුවේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලමින් බල ප්‍රදේශය තුළ සිටින ගැබිනි මාතාවන් සිය දෙනකු සඳහා මෙම පෝෂදායි ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීම සිදුකරන ලදී.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී විය.