මධ්‍යම පලාතට සීමිත පදනමින් කළමනාකරණ සේවා නිලධාරි අධි ශ්‍රේණිය සදහා පත්වීම් 14ක් ප්‍රදානය කෙරේ.

මධ්‍යම පලාතට සීමිත පදනමින් කළමනාකරණ සේවා නිලධාරි අධි ශ්‍රේණිය සදහා පත්වීම් 14ක් ප්‍රදානය කෙරේ.

මධ්‍යම පලාතට සීමිත පදනමින් කළමනාකරණ සේවා නිලධාරි අධි ශ්‍රේණිය සදහා පත්වීම් 14ක් ප්‍රදානය කෙරේ. මධ්‍යම පළාත් සභාව සදහා සීමිත පදනමින් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියේ පත්වීම් පිරිනැමීම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරින. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත 2023 වර්ෂයේ දී පවත්වන ලද කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණිය සදහා බදවා ගැනීම වෙනුවෙන් පැවති විභාගය සමත් වූ නිලධාරින් 14 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබිය. මෙම විභාගය සදහා පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත 430 දෙනෙකු පෙනිසිට ඇත. යහපත් වූ රාජ්‍ය සේවයක් පවත්වාගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව මෙම බදවාගැනීම මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකරන ලද අතර මෙම පත්වීම් ලබාදීමේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ගාමිණි රාජරත්න , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික සි.පි.එස්.ඉලංගසිංහ , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook