බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්..

බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්.. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට වසර 107ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (18) දින මහනුවරදී පැවැත්විණි. 'අද සවිබල දියණිය හෙට සවිබල කතක්' ගැහැණු දරුවන් සවිබල ගැන්වීම අනාගත සවිබල ගැන්වීමකී, යන තේමාව ඔස්සේ පැවති මෙම පා ගමන මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසල සිට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය දක්වා පැවැත්විණි. මහනුවර දිස්ත්‍රික්කයේ බාල දක්ෂිකාවන්ට, තම ආත්ම අභිමානය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබාදීම උදෙසා පැවති මෙම ජාතික පාගමන සඳහා බාලදක්ෂිකාවන් 1300ක පමණ පිරිසක් සහභාගි විය.

වතු ආශ්‍රිත මුල් ළමා විය දරුවන්ට, මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයට වැඩසටහනක් .

වතු ආශ්‍රිත මුල් ළමා විය දරුවන්ට, මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම අරමුණින් එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ, අරංගල රෝයල් ක්ලැසික් රිසෝර්ට් ආයතනයේදී (17) පැවැත්විණි. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධනය ඒකකය, යුනිසෙෆ් ආයතනය, මහනුවර වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

බහුකාර්ය සංවර්ධන සහායකයින් 50 ක් වෙත ස්ථිර පත්වීම්.

මධ්‍යම පළාත් සභාව සදහා බඳවාගනු ලැබූ බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරෙන. බහු කාර්ය සංවර්ධන සහායකයින් වෙත පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවා ගණයේ තනතුරු සඳහා ස්ථිර පත්වීම් ලබා දීමේ තෙවන අදියර ලෙස මෙහිදී පත්වීම් පනහක් (50) ප්‍රදානය කිරීම සිදුවිය.මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව , පළාත් පාලන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය , කෘෂිකර්ම අමාත්‍යංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මෙම පත්වීම් පිරිනැමීම සිදු විය. ඒ අනුව බහු කාර්ය සංවර්ධන සහායකයින් ලෙස පළාත් රාජ්‍ය සේවය වෙත මේ වන විට 1760ක ප්‍රමාණයක් එක් වී ඇත. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , සභා ලේකම් සුජානී විජේතුංග , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය යන මහත්ම මහත්මීන්, බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී!

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී! මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල (16) මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව මෙම උළෙල සංවිධානය කොට පැවති අතර මෙහිදී දේශයේ උන්නතිය වෙනුවෙන් උදාර මෙහෙවරක නිරතව දේශයේ විමුක්තිය උදෙසා දිවිපිදූ රණවිරුවන් වෙත උපහාර පුදකරමින් ඔවුන් අනුස්මරණය කරමින් ආණ්ඩුකාරවරයා විසින් රණවිරු ස්මාරකය සදහා පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරිණ. දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙහිදී පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය. මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සැමරුම් උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපති එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) නිහාල් ජයසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ත්‍රිවිද හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් ඇතුළු රණවිරු පවුල් වල සාමාජිකයින් රැසක් සහභාගී වුහ.

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්....

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (15) දින පස්වරුවේ සිදු කෙරිණි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන පී.ජී.එම්. වනසිංහ මහතා නාඋල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ටී. නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එම්.පී.එල්. අබේරත්න මහතා හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, එස්.පී. පිහිල්ලේගෙදර මහත්මිය නුවරඑළිය කලාප අධ්‍යාපන ලෙසත් පත්වීම් ලැබුහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා ඇතුළු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook