මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 16 දා මයිලපිටියේදී .

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 16 දා මයිලපිටියේදී .

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 16 දා මයිලපිටියේදී . ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව පැවැත්වෙන මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මෙවර උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කෙරේ. ඒ අනුව මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මැයි මස 16 වන දින මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය පිළිබදව විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි. ජාතික රණවිරු සැමරුම මැයි මස 19 වන දිනයට යෙදී ඇති අතර මිට සමගාමිව මධ්‍යම පළාත් සැමරුම් උත්සවය මැයි මස 16 වන දින මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගෙන් උපදෙස් ලැබී ඇති අතර මෙම සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු හා සුදානම පිළිබදව ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ජාවේදී කරුණු අංශ රැසක් යටතේ සාකච්ජා වට බදුන්විය. රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් හා දේශපාලන නායකත්වය ,ආගමික නායකත්වය මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම් වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , සභා ලේකම් සුජානි විජේතුංග , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල යන මහත්ම මහත්මීන් , ආරක්ෂක අංශ ප්‍රධානින් ,ජාතික රණවිරු අධිකාරිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරිහු සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook