අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය  පාලනය කිරීම සදහා නව වැඩසටහනක් .

අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් .

අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් . අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කෙරේ. දීර්ග කාලීනව පිගා ඔය ආශ්‍රිතව ජීවත්වෙන ජනතාවට හා වෙළද ප්‍රජාවට සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම සදහා ස්ථිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ලබාදෙන ලද උපදේශයන්ට අනුව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. ඒ පිළිබදව සංවිධානය කරන ලද විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී 29 දින පැවැත්විණ. මෙහිදී අකුරණ නගර සංවර්ධන සැලැස්මට අනුව කෙටි කාලින ,මාධ්‍ය කාලින හා දිගු කාලින ක්‍රමවේදයකට අනුව ස්ථිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් කරුණු රැසක් සාකචජා කරන ලදී. මේ පිළිබදව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ආයතන රැසක් මගින් මෙම ගැටළුව නිරාකරණය කිරීම පිළිබදව සිදුකරන ලද පරීක්ෂණ හා අධ්‍යයන යෝජනා වල තොරතුරු ,යෝජිත ජල විද්‍යා අධ්‍යයනය සහ වැසි ජල අපවහන සැලැස්ම ඇතුලත් ගංවතුර අවම කිරීමේ යෝජනාවල කරුණු මෙහිදී ඉදිරිපත් කිරීම හා සාකච්ජාවට බදුන් විය. ඒ අනුව ජල ගැලීම් පාලනය කිරීම සදහා කානු පද්ධතිය වැඩිදියුණු කිරීම , ඔයේ තැන්පත්ව පවතින රොන්මඩ හා වැලි ඉවත් කිරීමට කටයුතු යෙදීම , ජලය බැසයාමේ වේගය වැඩි කිරීමට පියවර ගැනීම , අනවසර ඉදිකිරීම් ඇල මාර්ගයෙන් ඉවත් කිරීම , මෙන්ම නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් නැවත පිගාඔය පීටර ගැලීම වලක්වාලීම වෙනුවෙන් ගතයුතු ඉදිරිපියවරයන් මෙහිදී සාකච්ජා කෙරින. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක් එක්ව සහයෝගී වැඩසටහනක් දියත් කිරීමට ද යෝජනා විය. අකුරණ , පුජාපිටිය ,හාරිස්පත්තුව හා පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් මිට අයත්වන අතර ප්‍රාදේශීය සභා හතරේ ද දායකත්වය හා සහය ලබා ගැනීමට නියමිතය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් , මාර්ග සංවර්ධන අධිකාරිය ,නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය , ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව , ප්‍රාදේශීය ලේකම්වරුන් , පලාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook