මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක.

මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක.

මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක. මහනුවර නාගරික ‍මධ්‍යම වෙළදපොලේ වෙළදුන් දිනපතා මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා‍ට ලැබුණු හදිසි පැමිණිල්ලකට අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඒ මහතා මහනුවර නගර මධ්‍යයේ පිහිටි වෙළදපොල‍ නිරීක්ෂණ චාරිකාවක නිරත වී අදාල ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමක 29 දින කටයුතු කළේය. ඒ අනුව අදාල වෙළදපොල ආසන්නයේ වෙනත් පුද්ගලයින් වෙළදුන් ලෙස පැමිණ අවිධිමත් ලෙස වෙළදාම් කටයුතු වල නිරත වීම, වෙළදාම් කිරීම සදහා පවතින ඉඩකඩ සම්බන්ධයෙන් පවතින ගැටලු, වෙළදසැල් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු, ගොඩනැගිලි සහ පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු ,සනීපාරක්ෂක සේවාවන් වැල් පවතින ගැටළු ආදිය මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු වු අතර, මහනුවර මහ නගර සභාව සමග සාකච්ඡා කර සියලු පාර්ශවයන්ට සාධාරණ විසදුමක් ලබාදීමට තමා අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. මේ සදහා සියලු පාර්ශවයන් ඒකාබද්ධ කර ගනිමින් සියලු දෙනාගේ ගැටළු හදුනාගෙන නගරයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මධ්‍යම වෙළදපොල සංවර්ධනය කිරීමටත් , ගැටළු සදහා සැමට එකග වියහැකි විසදුම් ලබාදීමටත් එතුලින් පොදු මහජනතාවට අවශ්‍ය සැපිරිය හැකි මට්ටමට ගෙන ඒම සදහා කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook