වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා.

වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා.

වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා. නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා වු ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන්ගේ හමුවක් මහනුවර KCCහීදී. විවිධ අභියෝගයන්ට මුහුණ දී ඇති ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර ප්‍රධාන වශයෙන්ම නව වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීම හා වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීමේ වැඩසටහන් මාලාවක් සැළසුම් කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන සමග මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සම්බන්ධ කොට, ඔවුන්ගේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ඉහත ගැණුම්කරුවන්ට හඳුන්වා දී, එම නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා ගැනීමට අවස්ථාවන් උදා කිරීම අරමුණු කරගනිමින් ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන්ගේ හමුව (30 ) මහනුවර KCC ආයතනයේදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මධ්‍යම පළාතේ ව්‍යාපාරිකයින්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අලෙවි ප්‍රවර්ධන හා වෙළඳ අවස්ථා පුළුල් කිරීම, සෘජුවම ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවීමට අවස්ථාව ලබාදීම, ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනා ගැනීම හා සම්බන්ධීකරණයට අවශ්‍ය අවකාශය ගොඩනැගීම, නව නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා හඳුන්වාදීම, අපනයන අවස්ථා ලබාදීම, පළාතේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණු වේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් බව සඳහන් කළේය. එසේම ප්‍රමිතිය ආයතනයේ සහකාර අධ්‍යක්ෂ රජිතා ජයවර්ධන මහත්මිය විසින් ව්‍යවසායකයින් හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා පද්ධති සහතිකකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශනයක් ද පැවැත්වීය. එහිදී සහභාගි වූ පිරිසට ප්‍රමිති සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුම්වත් වීමට අවස්ථාව උදා විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අයි. ඩබ්. එම්. සී. කේ. ඉලංගකෝන් මහත්මිය, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, පෞද්ගලික ආයතන , බැංකු හා ගැණුම්කරුවන්ගේ නියෝජිතයින් හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook