මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් .

මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් .

මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් . මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පළාත සඳහා හඳුන්වාදීමේ නිල උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් මහනුවර, ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී (30) පැවැත්විණි. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු පාඨමාලා‍වේ පළමු කණ්ඩායම ලෙස ඩිප්ලෝමා සිසුන් හැට පස් දෙනෙක් තෝරාගෙන ඇති අතර ඔවුන් සදහා න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් සහිතව පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ. මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දරුවාගේ මුල් ළමා විය නිසි පරිදි සංවර්ධනය කිරීම හා ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීම හරහා රටට වැඩදායක දරුවන් පිරිසක් දායාද කළ හැකි බවත් , ලොව සාර්ථකත්වය ලබා ඇති බොහෝ රටවල් ඒ සදහා වන මුලික අඩිතාලම දැමීම අරබන්නේ මුල් ළමා අවධියේ දී බවත් උදාහරණ සහිතව පෙන්වා දෙනු ලැබිය . මෙවන් කාලින නව ප්‍රවේශයන් හි අවශ්‍යතාවය අවධාරනය කල ආණ්ඩුකාරවරයා , ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක එකක් වේවා යයි සුබ පැතුම් එක් කළේය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මංඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් සහ මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාඨමාලා උපදේශකයින්, ඩිප්ලෝමා සිසුන් ද සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook