උඩදුම්බර  දිරිය දෙපා සුරකින්නට ක්‍රීඩා පාවහන් ප්‍රදානයක්.

උඩදුම්බර දිරිය දෙපා සුරකින්නට ක්‍රීඩා පාවහන් ප්‍රදානයක්.

උඩදුම්බර දිරිය දෙපා සුරකින්නට ක්‍රීඩා පාවහන් ප්‍රදානයක්. අවශ්‍ය පහසුකම් නොමැතිව වුවද දිස්ත්‍රික් ශුරතාවය දිනා ගැනීමට සමත් වූ මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ උඩදුම්බර ද්විතීක පාසලේ පාපන්දු ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා පාවහන් ප්‍රදානය කෙරේ. මෙම කණ්ඩායම ලද ජයග්‍රහණය පිලිබදව පළවූ පුවත් පත් වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ අවධානයට යොමුවීමෙන් අනතුරුව ,අදාළ උපකරණ ලබා දීමට පියවර ගන්න ලෙස පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා වෙත දන්වනු ලැබිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවන් ට පළාත් තරගාවලිය ට පර අවශ්‍ය පාවහන් කට්ටල ලබා දීමට හැකිවිය . 16න් පහළ කණ්ඩායම සඳහා අවශ්‍ය ක්‍රීඩා සපත්තු ලබා දීම අකුරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අයි.එම්. ඉස්තිහාර් සහ ව්‍යාපාරික ශමිල් අහම්මඩ් යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන්, පළාත් ඉංජිනේරු සේවා ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි. මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ වයස අවුරුදු දොළහෙන් පහළ බාලිකා අංශයෙන් හා වයස අවුරුදු දාසයෙන් පහල බාලිකා යන අංශවල ශූරතාවයන් දිනා ගැනීමට උඩදුම්බර ද්විතියික විද්‍යාලීය කණ්ඩායම් සමත් විය. 2016 වසරේ දී ආරම්භ කරන ලද පාසලේ පාපන්දු ක්‍රීඩා පාසලේ ක්‍රීඩාභාර්ය ආචාරිනි ලෙස සුජීවා නිල්මිණී අලුත්ගේ මහත්මියත්, පුහුණුකරු ලෙස එම්.ධම්මික මහතා කටයුතු කරන අතර මෙම කණ්ඩායම සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියකට සහභාගි වීමට සුදුසුකම් ලබා ගෙන ඇත.වර්තමානයේ විදුහල්පති වරයා ලෙස උපුල් වීරසේකර මහතා කටයුතු කරයි . මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මංඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook