ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය සුජාතා නිවාසයට...

ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය සුජාතා නිවාසයට...

ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය සුජාතා නිවාසයට... මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදි (30) පැවැත්විණි. සුජාතා, සුනේත්‍රා, සුගන්ධිකා, සුධර්මා යන නිවාස මෙම තරඟාවලිය සදහා තරග වදින ලද අතර ඒ අනුව මෙවර ක්‍රීඩා උලෙළේ ශූරතාවය ලකුණු 1036 ක් ලබාගත් සුජාතා නිවාසය විසින් දිනා ගන්නා ලද අතර අනු ශූරතාවය ලකුණු 788ක් ලබා ගත් සුනේත්‍රා නිවාසයටත්, තෙවන ස්ථානය ලකුණු 696 ක් ලබාගත් සුගන්ධිකා නිවාසයටත් හිමි විය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ‍සම්බන්ධිකරණ ලේකම්, හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි මලල ක්‍රීඩිකා අමාෂා ද සිල්වා, විදුහල්පති ශ්‍රීපාලි ධනවංශ මහත්මිය ඇතුළු ගුරු භවතුන් ඇතුළු සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook