ඔලිම්පික් වරම් ලබන්න අපේ මලල ක්‍රීඩා කණ්ඩායම අද තරගබිමට.

ඔලිම්පික් වරම් ලබන්න අපේ මලල ක්‍රීඩා කණ්ඩායම අද තරගබිමට.

ඔලිම්පික් වරම් ලබන්න අපේ මලල ක්‍රීඩා කණ්ඩායම අද තරගබිමට. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් සුදුසුකම් වරම් ලබන්න එක්සත් අරාබි එමීර් - ග්‍රෝන්ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියේ දී අද දින (03) කාලය සමග තරගයක නියැලෙන අපේ මලල ක්‍රීඩා කණ්ඩායමට සිව් දෙනෙකු ඇතුලත්වේ. ඒ අනුව යුපුන් අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන්, තරුෂි දිල්සරා කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් සහ නදීෂා රාමනායක මීටර් 400 (කාන්තා) ඉසව්ව නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය. වසර 21කට පසු ආසියානු ක්‍රිඩා උලෙළේ දී රන් පදක්කම්ලාභිනිය ඇතුලු මෙරට මේ දිනවල දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින අපේ මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඩුබායි නුවරදී අද දිනයේ (මැයි 3 වැනිදා) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් - ග්‍රෝන්ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියට එක්වන අතර මෙම තරගාවලියේදී දක්වන දක්ෂතාවයන් අතිශයින්ම පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීම සදහා තීරණාත්මක වනු ඇත. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස සුසන්ත ප්‍රනාන්දු හා ටී.එම්.ජී.තුෂාර එක්ව සිටි. ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ තරග කාලසටහන මෙසේය. කාන්තා මීටර් 400 - නදීෂා රාමනායක - ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.15 පිරිමි මීටර් 100 - යුපුන් අබේකෝන් - ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.50 - කාන්තා මීටර් 800 - තරුෂි කරුණාරත්න / ගයන්තිකා අබේරත්න - ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.00 සියලු ක්‍රීඩකයින් හට අපගේ සුබපැතුම් එක්කරන්නෙමු!

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook