යටිනුවර  ක්‍රීඩා සමාජ  ශුරතාවය මැණික් ක්‍රීඩා සමාජය දිනා ගනී.

යටිනුවර ක්‍රීඩා සමාජ ශුරතාවය මැණික් ක්‍රීඩා සමාජය දිනා ගනී.

යටිනුවර ක්‍රීඩා සමාජ ශුරතාවය මැණික් ක්‍රීඩා සමාජය දිනා ගනී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජ තරගාවලියේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත්විය. මෙම තරගාවලියේදී සමස්ත ලකුණු 153 ක් හිමිකර ගනිමින් සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත් වූ අතර තරගාවලියේ අනු ශුරතාවය ලකුණු 68ක් හිමිකරගත් පිළිමතලාව මාධ්‍ය මහා විදුහල් ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගන්නා ලදී. මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ක්‍රීඩා උළෙල සදහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් එස් . එම්.සි.ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූ අතර තරගාවලිය යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් විසින් සංවිධානය කොට පැවතුනි. තරගාවලිය පසුගියදා මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook