ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ (21) පැවැත්විය.
මෙහිදී මහ කොමසාරිස්වරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම සුහද හමුව සදහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ දෙවන ලේකම් ලාරා ස්වෙන්සන් (Lara Sveinsson), පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.
