පසුබිම

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාර ව පළාත් සභා ක්‍රමය ස්ථාපිත ව ඇති වසර 35කට ආසන්න කාලයක් ගෙවි අවසන් ය. පළාත් සභාවට පැවරී ඇති විෂයයන් හා මධ්‍යගත විෂය යන්ට අදාළ ව ඉටු කොට ඇති ජනතා මෙහෙවර පුළුල් එකකි. එ කී මෙහෙවර වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහාත්, විශිෂ්ට රාජ්‍ය සේවයක් තුලින් කාර්යක්‍ෂම හා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහාත් සකස් වූ විධිමත් යාන්ත්‍රණයක් මෙන් ම මානව හා භෞතික සම්පත්වලින් ද අප පොහොසත් ය.
පරිපාලන කේන්ද්‍රීය හා රාජ්‍ය ආයතන විසිරී පැවතීමත්, පළාතේ භූවිෂමතා තුලින් මුහුණ දීමට සිදු වන ප්‍රායෝගික දුෂ්කරතා ද හේතු කොට ගෙන ජනතාවාදී සංවර්ධනාත්මක ප්‍රවේශය වේගවත් කරනු උදෙසා, නූතන සන්නිවේදනමය සක්‍යතාවයන් ද භාවිතයට ගනිමින් ජන අපේක්‍ක්‍ෂා මල් ඵල ගැන්වීම වේගවත් කළ හැකි බව හඳුනා ගෙන ඇත.
ඒ අනුව නවමු ප්‍රවණතා එක් කර ගනිමින් සංවර්ධනය හා සන්නිවේදනය එක ම රාමුවක් තුළ ගොඩනැගීම අපගේ වගකීමකි.
මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබා දී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම
මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය
නවින තාක්‍ෂණය භාවිතයෙන් සමස්ත ප්‍රජාව අතර අන්තර් සන්නිවේදන සබඳතා ශක්තිමත් කිරීමත්, ඒ තුළින් වඩාත් ඵලදායී හා තෘප්ත කර වූ ප්‍රශස්ත ජන මෙහෙවරකට මානව සම්පත පෙළ ගැස්වීම.
අපගේ අරමුණු සහ ලිපිනය
- සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
- පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
- තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
- අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
- තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
- මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.
අපගේ කාර්ය මණ්ඩලය
මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකයේ ආඩම්බර සාමාජිකයන් අපි වෙමු. ශ්‍රී ලංකාවේ මහනුවර, මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්ක වල පුරවැසියන් වන ඔබට සේවය කිරීමට ලැබීම අපගේ භාග්‍යයයි.
වාර්තා කිරීමට ආකර්ශනීය යමක් ඔබට තිබේද?
මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු වලට අයත් සංවර්ධන ව්‍යාපෘති, රැස්වීම්, සාකච්ඡා හෝ මධ්‍යම පළාතට අදාළ වෙනත් ඕනෑම වැදගත් ආකර්ශනීය ප්‍රවෘත්තියක් ආවරණය කර ගැනීමට කරුණාකර අප හා සම්බන්ධ වන්න