තෙල්දෙණිය නගරයේ අවිධිමත් බව පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
තෙල්දෙණිය පෞද්ගලික හා ගමනා ගමන මණ්ඩල බස්රථ නැවතුම්පොළ, බස්රථ ගාල භුමිය හා කඩකාමර ඉදිකිරිම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය, සියලු පාර්ශව හා සාකච්ජා කොට වඩාත් උචිත ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පවසයි.
අද පස්වරුවේ තෙල්දෙණිය බස් රථ නැවතුම්පොළ හා ආශ්‍රිත භුමිය නිරීක්ෂණය කළ පළාත් ආණ්ඩුකාරවරයා, විෂයභාර අමාත්‍යවරුන් හා සියලු පාර්ශව එකම ස්ථානයකට ඒකරාශී කොට මතුව ඇති ගැටළු නිරාකරණය කිරීමට මැදිහත් වන බවත්, දීර්ඝ කාලයක් නොවිසිදී පැවති ගැටලුව සංකීර්ණ වී ඇති බවත් මෙහිදී වැඩිදුරටත් පැවසිය.
මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.