පළාත් සභා පුහුණු වැඩසටහන් ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට.
පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් මධ්‍යම පළාත් ආණ්ත්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතාගේ අධීක්ෂණයට ලක්විය. ඒ අනුව (06) පෙරවරුවේ පැවති පුහුණු වැඩසටහන් තුනක් ද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, සහභාගී වූ නිලධාරීන් හා සම්පත්දායකයන් සමග අදහස් හුවමාරු කරගනු ලැබිය. පවතින ආර්ථික අර්බුධය හමුවේ වුවත්, කිසිදු වැය බරකින් තොරව පළාතේ මානව සම්පත වෙත නව දැනුම හා අත්දැකීම් ලබාදීමට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලලිත් යූ. ගමගේ මහතා සිය සතුට පළ කළේය. මෙම අවස්ථාවට පළාත් සභා සභාපති එල්.ඩි. නිමලසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.
