මාතලේ   පොසොන් බැති ගී සරණිය සඳහා  සංගීතය සපයන ලද මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ  සිසු දරුවන් ට උපහාර.

මාතලේ පොසොන් බැති ගී සරණිය සඳහා සංගීතය සපයන ලද මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සිසු දරුවන් ට උපහාර.

මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුහුල්වල මහත්මියගේ උපදෙස් මත, මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිදාගොඩ මහත්මියගේ මඟපෙන්වීම මත, පළාත් සංස්කෘතික නිලධාරින් විසින් සංවිධානය කළ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු පොසොන් බැති ගී සරණිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සංගීතය සපයන ලද මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සංගීත කණ්ඩායමේ සිසු දරුවන් ට උපහාර දැක්වීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී . මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, ප්‍රාදේශීය ලේකම් මාධවී හිදාගොඩ ,සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එම් .එන් නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook