මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගනදී.

මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගනදී.

මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගනදී. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය පසුගියදා (24,25) දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ .මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් පාසල් බාලක බාලිකා කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූ අතර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පලාතෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර තරගාවලිය වයස අවුරුදු 17 න් හා 20 න් පහල බාලක බාලිකා ලෙස සංවිධානය වී පැවතුනි. වයස අවුරුදු 17න් පහල බාලක හා බාලිකා ද්විත්ව ශුරතාවයන් දිනා ගැනීමට තොලඹුගොල්ල මහා විද්‍යාල සමත් වූ අතර එම වයස් කාණ්ඩයේ බාලක අනුශුරතාවය නාවලපිටිය අනුරුද්ධ ජාතික පාසලටත් , බාලිකා අනුශුරතාවය කොත්මලේ හරංගල ද්විතික පාසලටත් හිමිවිය. තරගාවලියේ වයස අවුරුදු 20න් පහල බාලක ශුරතාවය පුඩලුඔය දෙමළ මහා විද්‍යාලය දිනාගත් අතර එහි බාලිකා අංශයේ ශුරතාවය හිමිකර ගැනීමට කෙන්ගල්ල දෙමළ මහා විද්‍යාලය සමත් විය. අනුශුරතාවයන් පිළිවෙලින් මාවෙල විද්‍යාලයට සහ හරංගල ද්විතික පාසලට හිමිවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook