“ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි  සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ.

“ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ.

“ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පවත්වනු ලබන “ ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්ම ”චිත්‍ර ප්‍රදර්ශණයේ සමාප්ති අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප පරිශ්‍රයේදී (29) පැවැත්විය. වයස කාණ්ඩ 6ක් යටතේ සිතුවම් 5000කට ආසන්න ප්‍රමාණයක් මෙවර මෙම සිතුවම් දැක්ම සදහා ලැබී තිබූ අතර, නිර්මාණ ඉදිරිපත් කළ සියලු දෙනාට සහතික පත්‍ර ලබාදීමට කටයුතු කර තිබුණි. සියලු කාණ්ඩ ආවරණය වන පරිදි නිර්මාණ 18ක් ජයග්‍රාහී නිර්මාණ වශයෙන් තෝරා පත්කරගැනීම මෙහිදී සිදු වූ අතර, මහනුවර මගුල් මඩුවේ දී තෝරා ගත් සිතුවම් 300 ක් ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය. සමාප්ති උළෙල සදහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රි දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රීශාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook