සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර සමස්ත බාලක ,බාලිකා ශුරතාවයන් මාරවිල ජාතික පාසල සහ අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය හිමිකර ගනී.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර සමස්ත බාලක ,බාලිකා ශුරතාවයන් මාරවිල ජාතික පාසල සහ අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය හිමිකර ගනී.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර සමස්ත බාලක ,බාලිකා ශුරතාවයන් මාරවිල ජාතික පාසල සහ අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය හිමිකර ගනී. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලියේ සමස්ත බාලක ශුරතාවය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ මාරවිල ජාතික පාසල සමත්විය. ප්‍රථම වරට පැවති බාලිකා අංශයේ ශුරතාවය හිමිකර ගැනීමට ඌව පළාත නියෝජනය කල අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය සමත් විය. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ඉකුත්දා (16,17,18,19) පැවැත්විණ. පුරා සිව් දිනක් පැවති මෙම තරගාවලියේ දී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට බාලිකා අංශය සදහා මල්ලවපොර තරගාවලියක් සංවිධානය වීම විශේෂත්වයකි.මෙම තරගාවලියේදී ලකුණු 36ක් හිමිකර ගනිමින් මාරවිල ජාතික පාසල සමස්ත ශුරතාවයට හිමිකම් කියූ අතර අනුශුරතාවය ලකුණු 21 ක් සමගින් බස්නාහිර පළාතේ මොරටුව වේල්ස්කුමාර විද්‍යාලය හිමිකර ගන්නා ලදී. තරගාවලියේ තෙවන ස්ථානය ලකුණු 20 හිමිකර ගනිමින් කොළඹ නාලන්ද විදුහල හා ශිවානන්ද විදුහල අතර සමව හිමිකර ගන්නා ලදී. තරගාවලියේ බාලිකා ශුරතාවය ලකුණු 25.5ක් හිමිකර ගනිමින් ඌව පළාත නියෝජනය කල අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය හිමිකර ගත අතර අනු ශුරතාවය මාරවිල ජාතික පාසල හිමිකර ගන්නා ලද්දේ ලකුණු 21ක් ලබාගනිමිනි. තෙවන ස්ථානය ලකුණු 18.5 සමගින් වේයන්ගොඩ විහාරමහා දෙවි බාලිකා විද්‍යාලය හිමිකර ගන්නා ලදී. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාතේ පැල්ලෙවෙල මහා විද්‍යාලය නියෝජනය කළ පි.එම්.ආර්.පතිරණ ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඌව පළාතේ අඹගස්ගොව්ව ජනාධිපති විද්‍යාලය නියෝජනය කළ ජී.ඩි.අයි.උදයංගනී ද සම්මානයෙන් පිදුම් ලැබිය. මෙම තරගාවලිය සදහා පළාත් නමයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ සහභාගි වූ අතර බාලක බර පන්ති 21ක් හා බාලිකා බර පන්ති 11 ක් යටතේ මෙම තරගාවලිය සංවිධානය වී පැවති අතර නව තාක්ෂනය යොදා ගනිමින් තරග විනිශ්චය කටයුතු සිදු කරන ලදී. තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය , ශ්‍රී ලංකා පාසල් මල්ලවපොර සංගමය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook