මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ  ශිෂ්‍ය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය  මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ශිෂ්‍ය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ද්විතීයික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව දැනුවත් කිරීම කාලීන අවස්ථාවක් ලෙස සලකමින් අධ්‍යාපන අමාත්‍යංශය සහාය ඇතිව ක්‍රියාත්මක පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ " දැයේ සවියට අභිමානවත් දියණියක්" දැක්ම කොට ගත් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා අටවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ශ්‍රවණාගාරයේ නිර්මාණය කර තිබුණු ශිෂ්‍ය පාර්ලිමේන්තු ගර්භයෙහි දී පසුගිය 27 වන දින පෙරවරුවේ රැස් කෙරෙණි.මෙහිදී අන්තෝනි බාලිකා ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ක්‍රමවත් ක්‍රියා පටිපාටිකින් තෝරාගත් සභිකයින් සඳහා නිල වශයෙන් තනතුරු සදහා තෝරා පත් කරගනු ලෑබිය . මංගල සැසිවාරය ශිෂ්‍ය පාර්ලිමේන්තු කතානායක උදානී අපේක්ෂා විසීන් සම්ප්‍රදානුකූලව සෙංකෝලය ශිෂ්‍ය පාර්ලිමේන්තු ගර්භය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව නිල වශයෙන් ආරම්භ කෙරිණ. සභා වාරය ඇමතු ආණ්ඩුකාරවර ගමගේ මහතා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂා කොට පරමාධිපත්‍ය බලය නිසි ලෙසින් පවරා දීමට ඒ පිළිබද දැනුවත්භාවය ඉතා අවශ්‍ය බව පෙන්වා දෙනු ලැබිය. ශිෂ්‍යයන් මෙන්ම සියලුම පුරවැසියන් තම වගකීම හා යුතුකම නිසි ලෙස ඉටු කරන්නේ නම් තවමත් මේ රට ගොඩ නැගීමේ හැකියාව පවතින බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා සැම පුරවැසියෙකුටම තමන් ගේ ස්ථානයේ සිට රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් ඉටු කරන්නේ නම් එය වඩාත් පහසුවන බව පෙන්වා දෙනු ලැබිය.මෙම අවස්ථාවට සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මඩුගල්ලේ පඤ්ඤාසාර හිමි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දර ගේ ,මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත් ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අන්තෝනි බාලිකා විදුහල්පති පී. එන් ජයවර්ධන, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරුභවතුන් , පාසල් ප්‍රජාව ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගි විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook