සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලියේ සමස්ත බාලක, බාලිකා ශූරතාවයන් කොළඹ නාලන්ද හා මහනුවර උසස් බාලිකා විදුහල් දිනා ගනී.

සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලියේ සමස්ත බාලක, බාලිකා ශූරතාවයන් කොළඹ නාලන්ද හා මහනුවර උසස් බාලිකා විදුහල් දිනා ගනී.

සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලියේ සමස්ත බාලක, බාලිකා ශූරතාවයන් කොළඹ නාලන්ද හා මහනුවර උසස් බාලිකා විදුහල් දිනා ගනී. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වූෂු තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ කොළඹ නාලන්ද විද්‍යාලය සමත්වූ අතර තරගාවලියේ බාලිකා සමස්ත ශූරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ මහනුවර උසස් බාලිකා විදුහල සමත් විය. මෙම තරගාවලිය ඒකල හා කණ්ඩායම් අංශය වශයෙන් පැවති අතර තාඕලු තරඟ අංශය තුළ සම්බන්ධිත ඉසව් වශයෙන් නැන්චුවාන් (Nanchuwan), චන්චුවාන් (chanchuwan) හා තායිචීචුවාන් (Thaichichuwan) ලෙස තරග සංවිධානය වී පැවතුණි.තරඟාවලියේ සමස්ත බාලක ශූරතාවය ලකුණු 15 හිමිකර ගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලයත්, අනුශූරාවය ලකුණු 14 ක් සමගින් කොළඹ රාජකීය විදුහල හිමිකරගත් අතර තෙවන ස්ථානය ලකුණු 12 ලබාගත් මාතර රාහුල විදුහලට හිමි විය. තරගාවලියේ බාලිකා සමස්ත ශූරතාව දිනාගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල සමත් වූ යේ ලකුණු 25 හිමිකර ගනිමිනි. අනුශූරතාවය ලකුණු 21 හිමිකරගත් මාතර ශාන්තමරියා කන්‍යා රාමයටත්, තෙවන ස්ථානය ලකුණු 15 සමගින් කොළඹ මියුසියස් විද්‍යාලය ත් හිමිකර ගැනීමට සමත් විය.තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ ඩබ්ලිව්. එම්. කේ. ඩී. බණ්ඩාර ක්‍රීඩකයාත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගයානි විහංගා කවිමිනි රත්තෙපිටිය ක්‍රීඩිකාවත් පිදුම් ලැබීය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය පුරා සිව් දිනක් (23/24/25) මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රිඩාගාරයේ දී පැවැත් විණි.ජයසංකේත ප්‍රධානය කිරීමේ අවස්ථාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය සහකාර අධ්‍යක්ෂ ප්‍රභාත් ඉන්දික, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා පාසල් වූෂු සංගමයේ ලේකම් අජිත් අතපත්තු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook