උඩගම මහා විද්‍යාලයට  පාසල් මාධ්‍ය ඒකකයක්.

උඩගම මහා විද්‍යාලයට පාසල් මාධ්‍ය ඒකකයක්.

පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් උඩගම මහා විද්‍යාලයේ දී අද (11) පැවැත්විණි. මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මෙහි දී පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීම හා නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳ දේශනයක් පැවැත්වීය.එසේම නිවැරැදි මාධ්‍ය භාවිතය, මාධ්‍ය ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම හා එහි කාර්යභාරය පිළිබඳව ද සිසුන් දැනුවත් කෙරිණි.මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති අමිත දිසානායක මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු භවතුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook