‘සංජානනී’ කලා මහෝත්සවය

‘සංජානනී’ කලා මහෝත්සවය

‘සංජානනී’ කලා මහෝත්සවය සාර්ථකව පැවැත්විණ. අස්ගිරි මහා විහාරයීය මහා පිරිවෙන වාර්ෂිකව සංවිධානය කරන ‘සංජානනී’ ශිෂ්‍ය කලා මහෝත්සවය ‘කහ සිවුරයි - කලා කෙතයි’ යන තේමාව යටතේ මහා මහා සංඝරත්නයේ මඟපෙන්වීමෙන් හා මූලිකත්වයෙන් , ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙවර ද පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනේ සමාප්ති උළෙල හා කුසලතා දැක්වූ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා වෙත ත්‍යාග ප්‍රදානය ඉකුත් 13 වනදා පිරිවෙන් ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි. සමාප්ති උළෙලේ ප්‍රධාන දේශනය ‘පෙරදිග විචාර සිද්ධාන්ත ඇසුරෙන් කාව්‍ය හා ගීත රසවින්දනය’ මැයෙන් පවත්වනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසිනි. වැඩසටහනට සමගාමීව ‘නැණැස’ ශාස්ත්‍රීය සංග්‍රහය ද එළි දක්වන ලදී. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ද, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook