පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය

පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය

වත්තේගම අධ්‍යාපන කලාපයේ පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කළ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. දරුවන්ගේ විද්‍යා දැනුම පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සර්ප කුටිය, නව නිපැයුම්,භෞතික විද්‍යා යනාදි අංශයන්ගෙන් සමන්විත වි ය. Drone Arcade ආයතනයේ ඩ්‍රෝණතාක්ෂණය පිළිබඳ කුටියක් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විද්‍යා විෂය අධ්‍යක්ෂ, විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා අවට පාසල්වල සිසු සිසුවියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook