හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්...

හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්...

හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්... කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය පසුගිය (22) එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ඒකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. මෙහිදි හයවෙනි ශ්‍රේණිය සඳහා නවක සිසු සිසුවියන් පහළොස් දෙනෙකු ඇතුලත් කර ගැනීම සිදු වූ අතර, ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උත්සවය සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති කේ. එල්.එස්. පද්මප්‍රිය, හල්ඔළුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනෝමා මහඅරඹේ යන මහත්මීන් ඇතුළු කටුගස්තොට කලාපයේ නිලධාරීන්, සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඇතුළු දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook