නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට සැලසුම්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට සැලසුම්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට සැලසුම්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන පොදු ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමට පියවර ගැනේ. ඒ යටතේ ප්‍රධාන නගර හා ග්‍රාමීය ප්‍රදේශ සදහා මේ වනවිට පවතින අඩුපාඩු හදුනා ගනිමින් විදිමත් සැලැස්මක් සහිතව ධාවන කටයුතු සිදුකිරීම වෙනුවෙන් අවධානය යොමුවේ. මේ පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් 30 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය යටතේ ධාවනය වන බස්රථ ගමන්වාර ප්‍රමාණයන් ,පවතින කාලසටහන් , ගමනාගමනය වෙනුවෙන් පවතින ගැටළු මෙන්ම කාලින අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ලක්ෂ අටක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවාවන් කාලීන අවශ්‍යතාවය අනුව ලබාදීම කෙරෙහි අවධානය යොමු විය. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පහක් පවතින අතර එහි සේවාවන් විදිමත් කිරීම , අන්තර් සහයෝගී කල සටහනකට අනුව බස්රථ ධාවනය කිරීම, පවතින නීතිවලට අනුකූලවෙමින් අනතුරු වලක්වාගනිමින් , තරගය වෙනුවට සහයෝගී ධාවනයක් සමගින් ජනතාවට ආරක්ෂාකාරී කාර්යක්ෂම වූ ගමනාන්තයක් ලබාදීමට අවශ්‍ය පසුබිම උදා කිරීම වෙනුවෙන් කරුණු රැසක් මෙහිදී සාකච්ජා කරන ලදී. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ට්‍රිමේෂ් මංජුල සුරවීර ආරච්චි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් බණ්ඩාර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුෂ්කා දර්ශනී තිලකරත්න,කේ.කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රවාහන මාර්ග සංවර්ධන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානී පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහත්ම මහත්මීන් , ශ්‍රී ලංකා පොලිසිය , මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් , පළාත් මගිප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරින් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් ඇතුළු ආයතන රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook