හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු  යන්ත්‍රයක්

හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු යන්ත්‍රයක්

හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන්ට නොමිලයේ පාසල් පොත් හා ජල පිරිපහදු යන්ත්‍රයක් විල්ගමුව අධ්‍යාපන කලාපයේ හත්තොටඅමුණ මහා විද්‍යාලයේ දරුවන් සඳහා නොමිලයේ පාසල් අභ්‍යාස පොත් කට්ටල හා පාසලට ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගියදා (30) පිරිනැමිණි. විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මහින්ද ජයලත් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. සිසු දරුවන් 500ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලේ 6- 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට අභ්‍යාස පොත් කට්ටය බැගින් ප්‍රදානය කෙරිණි. මිට සමගාමිව වසර ගණනාවක සිට මෙම පාසලේ පැවති උග්‍ර ජලහිඟයට විසඳුමක් ලෙස ජයලත් මහතා විසින් පාසලට ජල පිරිපහදු යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම උත්සවයට විල්ගමුව අධ්‍යාපන කලාපයේ වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කෝසල බණ්ඩාර මහතා , විදුහල්පති පාලිත රාජසිංහ මහතා, ගුරුභවතුන්, දෙමාපියන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook