
මැණික්දිවෙල විදු මාතාව සැරසූ හොකී බාලකයින්
මැණික්දිවෙල විදු මාතාව සැරසූ හොකී බාලකයින්
දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් මැණික්දිවෙල මධ්‍යම මහ විද්‍යාලයේ හොකී කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) පී. අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
2024 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ හොකී තරගාවලියේ"බී" කාණ්ඩයේ සමශූරතාවය දිනාගත් 16න් පහළ බාලක හොකී කණ්ඩායමත්, වයස අවුරුදු 14න් පහළ හොකී සැණකෙළියේ රිදී තරු බවට පත්වූ 14න් පහල බාලක කණ්ඩායම පිළිමතලාවේ සිට පාසල දක්වා රිය පෙරහැරකින් කැඳවාගෙන ඒම සිදු කෙරිණි.
මෙහිදී විද්‍යාලයේ හොකී පුහුණුකරු කේ. ආර්. අයි. පෙරේරා මහතාටත් ,හොකී භාර ගුරුවරයා ජේ. එන් .එස්. අමුණුපුර මහත්මියටත් උපහාර පිරිනැමිණි.
මෙම අවස්ථාවට දෙනුවර කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ක්‍රීඩා) වී. ආර්. කොඩිතුවක්කු ආරච්චි මහත්මිය, විද්‍යාලයේ විදුහල්පති ඩබ්.එන්.ආර්.එස්. වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු අවට පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.