
බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
බාලදක්ෂ ක්‍රියාකාරීන් හා පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් ,
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය, මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ කාර්ය භාරය හා එහි කටයුතු තවදුරටත් පුළුල් කිරිම, බාලදක්ෂ ව්‍යාපාර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය තව දුරටත් ලබා ගැනීම, මහනුවර බාලදක්ෂ සංගමයේ ඉදිරි මහා සභා රැස්වීම පැවැත්වීම ඇතුළු කරුණු රැසක් පිලිබදව සාකච්ඡා කිරීම මුලික ව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතා සහ මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කර්යලයේදී (13) සිදුවිණි.
මෙහිදි ක්ලී
න් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා දිසා බාල දක්ෂ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් ද දැනුවත් කෙරෙණි .
මෙම අවස්ථාව සඳහා මහනුවර දිසා බාලදක්ෂ කොමසාරිස් කපිල ප්‍රියන්ත, විධායක කමිටු සභාපති අමල් පල්ලියගුරු, ලේකම් සමන්ත ධර්මදාස, සහාය දිසා කොමසාරිස් ජනිත් පතිරණ යන මහත්වරුන් සහභාගී වූහ.