මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.

මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්.

මැදරට කළාව නංවාලීමට රාජ්‍ය සහාය ඉල්ලා හමුවක්. ලාංකේය කළා ක්ෂේත්‍රයට සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් විශිෂ්ඨයන් රැසක් දායාද කිරීමට මුලික වූ මධ්‍යම පළාතේ රාජ්‍ය නාට්‍ය, කෙටි නාට්‍ය, ළමා නාට්‍ය හා කෙටි චිත්‍රපට ආදී උළෙල සියල්ල වඩා විධිමත් හා කලාකරුවන් ට ප්‍රතිලාභ අත්වන ලෙස සංවිධානය වීමේ අවශ්‍යතා ව ය පෙන්වා දෙයි . කලාකරුවන් වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ මුහුණපාන සම්බන්ධයේන් ගැටළු, අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මධ්‍යම පළාතේ නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතර පැවති සාකච්ඡාවක දී , මධ්‍යම පළාතේ කලා ක්ෂේත්‍රයේ පිරිස් විසින් ආණ්ඩුකාරවර වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරනු ලැබිය කලාශිල්පීන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (20) පැවත්විණි. මධ්‍යම පළාත් නාට්‍ය උළෙල තවදුරටත් විධිමත්ව පවත්වාගෙන යාම, පළාත් තරග ජයග්‍රහකින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කිරීම හා එහි ගුණාත්මකභාවය වැඩි කර ගැනීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමුවිණි. එමෙන්ම කලාකරුවන්ට තම නිර්මාණ පුහුණුවීම් සිදු කිරීමට ස්ථාන නොමැතිවීම, රංග කලා පුහුණු අවස්ථා හා නව දැනුම ලබා ගැනීම ආදී කරුණු කෙරෙහිද අවධානය යොමුවිය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට යන මහත්මීන්, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් මහතා සහ සංස්කෘතික කටයුතු නිලධාරීන් නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කලාකරුවන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook