කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,

කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්,

කැළණි සවියෙන් සුර්ය බල ශක්ති භාවිතයට පුහුණුවක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කැලණි කේබල් සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හන්තාන, රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු ආයතන‍යේදී (20) පැවැත්විණි. 2007 වර්ෂයේදී එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ මධ්‍යම පළාත් ආණඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ මූලිකත්වයෙන් කැලණි කේබල් සමාගම හා එක්ව ‘කැලණි සවිය’ වෘත්තීය පුහුණු පාඨමාලාව ආරම්භ කර ඇත. ඒ අනවු ‘කැලණි සවිය’ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ ආදි විද්‍යාර්ථින් පනහක් සහ මධ්‍යම පළාතේ පාසල්වල තෝරාගත් ගුරු භවතුන් විසි හතර දෙනෙක් සඳහා මෙවර සූර්ය බල ශක්තී පැනල භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ පාඨමාලාව පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ඔවුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. ‍මෙහිදි ‘කැලණි සවිය’ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර වසර 18 ක් පිරිම හා එම පාඨමාලාව ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ මධ්‍යම පළාත් ආණඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අගය කරමින් පාඨමාලව හැදෑරු ආදී විද්‍යාර්ථින් විසින් විශේෂ තිලිණයක් ද ආණ්ඩුකාරවරයා වෙත ප්‍රදානය කරන ලදි. මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහචාර්ය ජේ.බී. ඒකනායක මහතා, කැළණි කේබල් ලිමිටඩ් ආයතනයේ නිලධාරීන්, පාඨමාලාවේ පුහුණු උපදේශක මහත්වරුන්, ‘කැලණි සවිය’ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ජි.ඩි.බි. සමරනායක යන මහත්වරුන් ඇතුළු පුහුණුලාභින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook