
මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.
මැදරට මහජන සේවා පුළුල් කිරීමට නව තාක්ෂණය.
ක්ලින් ශ්‍රීලංකා වැඩසටහනේ එක් සුවිශේෂී පියවරක් වන නුතන තාක්ෂණ භාවිතයෙන් සේවා ඩිජිටල්කරණය යන්න වූ නව රජයේ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන තුළින් ලබාදෙන මහජන සේවාවන් විධිමත් කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට පියවර ගැනේ.
ඒ සදහා පළාත් සභාව සතු හැකියාව සහ ශක්‍යතාවයන් පිලිබද ව වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි (25) දින පැවැත්විණි.
මෙහිදි මධ්‍යම පළාතේ ආයතන තුළ දැනට නවීන තාක්ෂණය හා තොරුතුරු තාක්ෂණ භාවිත කිරීම සම්බන්ධයෙන් ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අංශ විසින් ක්‍රියාත්මක කරනු වැඩසටහන් සම්බන්ධයෙන් අදහස්, යෝජනා, ප්‍රායෝගික භාවිතයන් සම්බන්ධයෙන් නිළධාරීන් විසින් තොරතුරු ඉදිරිපත් කරනු ලැබිය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අංශ අනුව කමිටු පිහිටුවීමටත්, ඒ අනුව ඉදිරි සාකච්ඡා පවත්වා මෙම වැඩසටහන ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ත් මෙහිදී තීරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිශාන්ත කරුණාතිලක, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ විමල් දසනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමලනාථ සමරකෝන්, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් මහත්ම මහත්මින් ඇතුළු මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනවල තොරුතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් එක් වූහ.