වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායද කළ ශ්‍රී ලංකාවේ පවතින විශිෂ්ටතම ක්‍රීඩා පාසල වන මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ පිහිටි වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු ඉසව්ව ලෙස සංවිධානය කොට පැවති මාර්ග ධාවන තරගය 03 වන දින විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. බාලක හා බාලිකා ලෙස පැවැත්වූ මෙම තරගය මැණික්හින්න විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කොට දිගන දක්වාත් එතැනින් හැරී නැවත පාසල වෙත පැමිණීම සිදුවූ අතර, බාලක අංශයේ දුර කිලෝමීටර් 12 ක් ද , බාලිකා අංශය කිලෝමීටර් 06 ක දුරකින් ද සමන්විත වූ අතර , මීට සමගාමිව පැවති වයස අවුරුදු 16න් පහල තරගාවලිය කිලෝමීටර් 06 ක දුරකින් යුක්ත විය. බාලක අංශයේ ප්‍රථම ස්ථානය පරාක්‍රම නිවාසයේ ඒ.ඒ.සහන් චන්දීප බණ්ඩාර විසින් හිමිකර ගන්නා ලදී. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ඊ.ඩබ්.ඩබ්.එම්.ජී.ඩබ්.භාෂිත සත්සර (ගැමුණු නිවාසය), කේ.ජී.ඒ.එන්.කපුගෙදර (තිස්ස නිවාසය) ක්‍රීඩකයින් හිමිකර ගන්නා ලද අතර , බාලිකා තරගාවලියේ ප්‍රථම ස්ථානය ගැමුණු නිවාසයේ ඩි.ජී.එච්.ඒ.එස්.බෝකුඹුර විසින්ද , දෙවන ස්ථානය ඩබ්.එස්.උමංගා වික්‍රමසේකර (විජය නිවාසය ) ද , තෙවන ස්ථානය එන්.එස්.වික්‍රමආරච්චි (ගැමුණු නිවාසය ) යන ක්‍රීඩිකාවන් හිමිකර ගැනීමට සමත් විය. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සුසන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වූ අතර වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ගයාලී ලිනෝකා මාරසිංහ මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මාර්ග ධාවන තරගාවලිය සංවිධානය කොට පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook