මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණි. ග්ලෝබල් හබ් සංවිධානය, මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, මධ්‍යම පළාත් කාන්තා වාණිජ මණ්ඩලය සහ ලංකා ව්‍යාපාරික කවය යන සංවිධාන එකාබද්ධ කරමින් ආරම්භ කළ සංවිධානයකි. මෙම හමුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවේ එම සංවිධානය ආරම්භ කිරීමේ අරමුණු සහ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයන් දැනුවත් කිරීම සිදු කළේය. එමෙන්ම ග්ලෝබල් හබ් සංවිධානය සහ මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමුවිය. මෙම අවස්ථාව සඳහා ග්ලෝබල් හබ් සංවිධානයේ සභාපති එම්.එස්.ඒ. මුනිර්, උප සභාපති ජගත් දිසානායක, ලේකම් නුවන් ගුණරත්න, භාණ්ඩාගාරික පසන් චන්ද්‍රසේකර සහ සංවිධායක තුසිත් සමරකෝන් යන මහත්වරුන් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook