මහනුවර මහා නගර සභාවේ අභිනව  නගරාධිපතිවරයා දිවුරුම් දේ.

මහනුවර මහා නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා දිවුරුම් දේ.

මහනුවර මහා නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා දිවුරුම් දේ. මහනුවර මහා නගර සභාවෙි අභිනව නගරාධිපතිවරයා ලෙස පත්වූ ඒ.පී. චන්ද්‍රසිරි විජේනායක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය ඒස්.බී.ඒස්. අභයකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දීම (02) දින ‍ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණී. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ඒ.පී. චන්ද්‍රසිරි විජේනායක මහතා මීට පෙරද එම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. මීට සමගාමීව නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත් වූ ජී. ජී. රුවන් කුමාර මහතා ද ආණ්ඩුකාවරයා ඉදිරියේද දිවුරුම් දෙන ලදි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර මහා නගර සභාවෙි නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබෙිසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook