"නිසි ලෙස රාජකාරි ඉටුකිරීම කාලීන අවශ්‍යතාවක්"
නිවැරදි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරුවලට පත්වීමෙන් විශ්‍රාම යාමේදී ගැටළු රැසක් ඇති වෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. නිවැරදි කාලයට නිසි ක්‍රමවේද ඉටු නොවීමෙන් අද ගැටළු රැසක් ඇතිවෙලා තියෙනවා. රටක් ලෙස ඉලක්ක ජය ගැනීමට සේවකයින් කෙතරම් තෘප්තිමත්ව කටයුතු කරනවාද යන්න බලපානවා. ඒ නිසා නිසි ලෙස රාජකාරි ඉටුකිරීම කාලින අවශ්‍යතාවක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවසයි.ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාත් සභාවේ කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අමතමිනි. මෙම සාකච්ජාව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගිය දා (26) පැවැත්විණි.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞබ්‍යය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩල සමාලෝචනයට අදාළව කරුණු රැසක් සාකච්ජා කරන ලදී. මධ්‍යම පළාතේ වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින ප්‍රධානම අමාත්‍යාංශයන් වල පවතින ගැටළු අවමකර ගනිමින් කඩිනමින් සේවා සැපයීමක් ඉලක්ක කර ගැනීමේ අරමුණ ඇතිව මෙම සාකච්ජාව පැවැත් වූ අතර මෙහිදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවට අදාලව දීර්ග කාලයක් නොවිසුදුනු ගැටළු කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති අබේසිංහ හදවලපිටිය, සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සුජානි එස් විජේතුංග , පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් , පළාත් සෞබ්‍යය සේවා අධ්යක්ෂ නිහාල් වික්‍රමසුරිය, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි හේරත් බණ්ඩා , ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ක්‍රිෂාන් වාසලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
