මැදරට පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීමට අවධානය

මැදරට පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීමට අවධානය

මැදරට පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීමට අවධානය මධ්‍යම පළාතේ පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (03) පැවැත්විණි.අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් සංවර්ධන අංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනකට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාතේ පරිවෙන් අධ්‍යාපන නංවාලීම සඳහා මධ්‍යම පළාත් සභා‍ව ඇතුළු ආයතන සහ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අවශ්‍ය සහාය ලබා ගැනීමේ අරමුණු ඇතිව මෙම සාක්ච්ඡාව පැවැත්විය.අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය කන්තලේ විජිතවංශ හිමියන් විසින් පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කළහ. පිරිවෙන් ගුරුවරුන්ගේ ආයතනික රාජකාරි ගැටළු, ධාරිතා සංවර්ධන සහ පිරිවෙන් සිසු පුහුණු වැඩසටහන්, පිරිවෙන් විද්‍යායතන අධික්ෂණය කිරීම, නියාමන කටයුතු, භෞතික පහසුකම් සංවර්ධනය කිරීම, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සහාය ලබා ගැනීම, ඉදිකිරීම් හා නඩත්තු නියාමනය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ඇතුළු පිරිවෙන්, කලාප අධ්‍යාපන කාර්යාල සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කළ මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, කලාප අධ්‍යාපන අධෂක්ෂවරුන්, විෂය අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook