කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ  ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල  ප්‍රගතිය ආණ්ඩුකාරවරයා ගේ නිරීක්ෂණයට

කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය ආණ්ඩුකාරවරයා ගේ නිරීක්ෂණයට

කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය ආණ්ඩුකාරවරයා ගේ නිරීක්ෂණයට කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඒ ආශ්‍රිත කර්මාන්තවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා පසුගියදා එක් විය.ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියන්හි ප්‍රගතිය විමසා බැලීම, පවතින අඩුපාඩු පිළිබඳව කරුණු විමසීම, නිෂ්පාදන තත්ත්වයන්, අලෙවි ප්‍රවර්ධනයන්, තාක්ෂණික අංග යොදාගැනීම් ආදි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කළමනාකරුවන් සමග සාකච්ඡාවක නිරත විය.මෙම නිරීක්ෂණයේදී දඹුල්ල කොට්ටාශයේ වෑවල ප්‍රදේශයේ පිහිටි පලතුරු, තැඹිලි, මඤ්ඤොක්කා හා එළවළු ආදිය විදේශ වෙළඳපොළ වෙත අලෙවි කිරීමට සැකසුම් කරනු ලබන සැකසුම් මධ්‍යස්ථානය ආණ්ඩුකාරවරයා විසින් නිරීක්ෂණය කිරීම සිදුවිය.මෙම නිෂ්පාදනය ව්‍යාපෘතියේදී ගොවීන් දෙසීය අසූවකගෙන් නිෂ්පාදන මිලදී ගෙන විදේශ රටවලට යොමු කිරීම සිදුවන අතර අඹ, පේර, තැඹිලි , කොමඩු ඇතුළු අංශය රැසක් යටතේ පලතුරු අපනයනය කිරීමට ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා පවතී. රටට දේශ විනිමය ඉපයීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන මෙම ව්‍යාපෘති මගින් විශාල වශයෙන් රැකියා අවස්ථා ලබාදීම ද සිදුකොට ඇත. කෘෂි නව්‍යකරන ව්‍යාපෘතිය යටතේ සිගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන වගාවන් අතර පේර වගාවන්, අඹ වගාවන් හා අතුරු පලතුරු නිෂ්පාදන ව්‍යාපෘතීන් මෙහිදී නිරීක්ෂණයට ලක් කළ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු හා මෙම ව්‍යාපෘතින් සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, කෘෂි නව්‍ය කරන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook