වියට්නාමයේ මධ්‍ය සරත් සෘතු උත්සවය අඹකෝටේ දී සැමරේ

වියට්නාමයේ මධ්‍ය සරත් සෘතු උත්සවය අඹකෝටේ දී සැමරේ

වියට්නාමයේ මධ්‍ය සරත් සෘතු උත්සවය අඹකෝටේ දී සැමරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාව සංවිධානය කළ වියට්නාමයේ මධ්‍ය සරත් සෘතු උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වී සාලී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් යන මහත්වරුන් සහ වියට්නාම තානාපති චින් තී තම් (Trinh Thi Tam) යන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර, දිගන අඹකොටේ ට්‍රක් ලම් අරාමයේ දී (04) දින සැමරීම සිදු කෙරිණි.වියට්නාම සංස්කෘතියේ සුන්දරත්වය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් එකමුතුකම සහ සංස්කෘතික සහජීවනය ඇතිකිරීම, දරුවන්ට සතුට ගෙන ඒමේ අරමුණින් වියට්නාම තානාපති කාර්යාලය, අඹකොටේ ට්‍රක් ලම් අරාමය ආරාමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණී. මධ්‍ය සරත් සෘතු උත්සවය හෙවත් පුර්ණ චන්ද්‍ර (ටෙට් චං තු) උත්සවය වියට්නාමයේ දිගුකාලින සම්ප්‍රදායක් සහිත සැමරුම් උත්සවයක් වන අතර එය සතුට,එකමුතුකම සහ පවුල් නැවත එක්වීමේ සංකේතයක් ලෙස හඳුන්වයි.මෙහිදී වියට්නාම සම්ප්‍රදායික සිංහ නර්තන ඇතුලත් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වූ අතර මීට සමගාමීව පැවැත්ම වූ මධ්‍ය සරත් සෘතු උත්සවයේ අනන්‍ය වූ පහන් කුඩු තරගාවලිය හා පලතුරු සැරසිලි කිරීමේ තරගාවලිය ජයග්‍රාහකයින් සදහා ත්‍යාග පිරිනැමීම ද සිදුකෙරිණි.මෙම අවස්ථාව සදහා ට්‍රක් ලම් අරාමයේ අධීක්ෂක පුජ්‍ය තිච් ෆප් ක්වාං ස්වාමීන්වහන්සේ, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙසෙන වියට්නාම ප්‍රජාව සහ ප්‍රාදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook