පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා නිරීක්ෂණයට
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා නිරීක්ෂණයට
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිවූ ආපදා තත්ත්වයන් නිරික්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා (16) දින සහභාගී වූහ.මෙම නිරික්ෂණයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන සතු නාය යාම් හා පස් කඳු කඩා වැටීම නිසා නිසා ආපදාවට පත්වූ මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංකුඹුර මාර්ගයේ පලීපාන කිරිකොහොවිල, අංකුඹුර කරගහපිටිය යන ස්ථාන සහ අංකුඹුර මිරිස්සල මාර්ගයේ පාරවත්ත ප්‍රදේශයේ නාය ගොස් ඇති ස්ථාන සහ එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ද මෙහිදි නිරීක්ෂණය කරන ලදී.මෙම මාර්ගයන්හී මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනයට සහ ජනතාවට ගමන් කීරිමට හැකි පරිදි මාර්ගය මේ වනවිට පිළිසකර කොට තිබේ.
ඉදිරියේදි මෙම මාර්ග සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු රථ වාහන ගමනාගමනය කිරීම සඳහා විවෘත කිරීම සහ විකල්ප මාර්ග සකස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු වූහ.
මීට සමගාමීව අංකුඹුර රඹුකේඇල ප්‍රදේශයේ සිදුවූ නාය යාමද නිරික්ෂණය කළේය. මෙම අවස්ථාව සඳහා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව එදිරිසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් එස්.කේ. දීගල , සභා ලේකම් කුෂානී ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.
