මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්
මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය දා (05) දින පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, ආණ්ඩුකාර කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගීවිය.
මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම, නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම, කලාප පාසල් සංවර්ධන සැලැස්ම, දිට්වා ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් යන කරුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධයෙන් වෙනත් කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම කලාප මට්ටමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ යෝජනා, අදහස් යෝජනා ලබා ගැනීම ද මීට සමගාමීව සිදු කෙරිණී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාව ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි, හිටපු පළාත් අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.
