මධ්‍යම පළාත් කළමනාකරණය සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක්
මධ්‍යම පළාත් කළමනාකරණය සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක්
මධ්‍යම පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටළු පිලිබදව සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (09) ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්විණ. මධ්‍යම පළාතේ කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ප්‍රයෝගික ගැටළු, පුරප්පාඩු හා එම පුරප්පාඩු කඩිනමින් බදවාගැනීම, ශ්‍රේණිගත උසස්වීම්, ස්ථානමාරු ක්‍රමවේද හා කාර්යක්ෂමතා කඩයිම් විභාග යන කරුණු පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ජාවිය. මෙම සාකච්ජාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ.අමරකෝන් මහත්මිය, මධ්‍යම පළාතේ කළමණාකරන සේවා සංගමයේ නිලධාරීන් හා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
