evaluation-of-excellence-in-the-national-school-of-pilawala

අකුරණ පිගා ඔය ආශ්‍රිතව වැලි ගොඩදැමීමෙන් A9 මාර්ගය අනතුරේ

අනවසර කරුවන් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමටත් , වැලි ගොඩදැමීම කඩිනම්න් නැවතීමටත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

මහනුවර මාතලේ A9 ප්‍රධාන මාර්ගය ආසන්නයේ න් ගලා බසින පිගා ඔය ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර වැලි ගොඩ දැමීම හේතු කොට මාර්ගය ගිලා බැසීමට ලක් වීම සම්බන්ධයෙන් ජන මාධ්‍ය විසින් කරනු ලැබූ අනාවරණයට අනුව කඩිනමින් එම ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (6) කටයුතු කළේය.

පෙර දින කිහිපය තුල අකුරණ හා අවට ප්‍රදේශ වලට පැවති අධික වැසි සහිත කාලගුණයත් සමග ප්‍ර‍දේශයේ ආපදාවට ලක් වු මාර්ගයක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා මෙහිදී සිය අවධානය යොමු කළ අතර, අකුරණ නගරය ආසනන්යෙන් ගලා බසින ඇළ මාර්ගයේ ඉවුරට යාබදව දිවෙන ප්‍රධාන මාර්ගයේ ඇතැම් ස්ථාන වලට ද සිදුව ඇති හානි ව එම මහතාගේ නිරීක්ෂණය ලක්විය. මෙම ප්‍රදේශය තුළ අනවසර වැලි ගොඩ දැමීම් කඩිනමින් නවතාලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පොලිසිය ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ‍ලෙස උපදෙස් ලබා දුන් අතර මාධ්‍ය විසින් මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කරනු ලබන කාර්යයන් අගය කරන බව ද මෙහිදී එම මහතා ප්‍රකාශ කර සි‍ටියේය.

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපතිවරයා සහ පළාත් ආණ්ඩුකාර ලේකම්,පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්, අකුරණ සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්වරුන් , මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන ප්‍රධානින් ඇතුලු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook