මධ්‍යම පළාත් කැරම් තරගාවලිය පසුගියදා මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී (YMBA) පවත් වන ලදී. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට මධ්‍යම පළාත නියෝජනය කරමින් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය වී පැවතුනි. පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම පැවති මෙම තරගාවලියේදී කේවල හා යුගල අංශ වශයෙන් තරග සංවිධානය වී පැවති අතර , මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් විශාල තරගකරුවන් පිරිසක් එක්ව සිටියහ.