47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ බර එසවිමේ තරගාවලිය පසුගියදා මහනුවර YMCA ශාලාවේදී පැවැත් විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර , මෙම තරගාවලියේදී බර පන්ති 10ක් යටතේ තරග සංවිධානය කොට පැවතුනි.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.