වත්තේගම අධ්යාපන කලාපයට අයත් පිලවල ජාතික පාසලේ විවිධ ක්ෂේත්රයන් ගෙන් දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමේ උළෙලක් වත්තේගම කලාප අධ්යාපන අධ්යක්ෂ (පාලන) ජනක මුතුකුමාර මහතාගේ ප්රධානත්වයෙන් අද (02 දින) විදුහලේදී පැවැත්විය.
අධ්යාපන, ක්රීඩා හා විෂය බාහිර ක්රියාකාරකම් යන අංශයන් ත්රිත්වයෙන් විශිෂ්ඨ ලෙස දක්ෂතා දැක්වූ පිලවල ජාතික පාසලේ දරුවන් රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරින.
2021 වර්ෂයේ අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ දී විද්යා, ගණිත හා කලා යන අංශයන්ගෙන් විශ්වවිද්යාල ප්රවේශය සදහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 05 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය.
ක්රීඩා අංශය නියෝජනය කරමින් සමස්ත ලංකා ජයග්රහණ රැසක් ලබාගත් ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරින. 5වන ෆෙන්සින් කණිෂ්ඨ සමස්ත ලංකා තරගාවලියේ දී දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය සමගින් පදක්කම් 05ක් දිනාගැනීමට මෙම විදුහල සමත්ව ඇත. රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් මෙහිදී දිනා ගැනීමට සමත් වී ඇති අතර, මාස 07ක් වැනි කෙටි කාලයක් තුළ ෆෙන්සින් ක්රීඩාව විදුහලට හදුන්වා දී මෙම ජයග්රහණ ලබාගැනීම කැපි පෙනෙන ලක්ෂණයකි. 1885 වර්ෂයේ සිට ඔලිම්පික් ක්රීඩා තරග සදහා යොදාගත් කඩු ශිල්පය ඇසුරෙන් නුතනයේ ෆෙන්සින් ක්රීඩාව ලොවපුරා ව්යාප්ත වී ඇති අතර, ශ්රී ලංකාව තුළ පාසල් මට්ටමින් මෙම ක්රීඩාව ආරම්භ කර ඇත්තේ මිට වසර පහකට පමණ පෙරය.
විෂය බාහිර වශයෙන් ක්රියාත්මක කෙරෙන ලෙස ශිෂ්යභට පළාත් ඇගයීම් කදවුරේ දී පිලවල විද්යාලයට ජයග්රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වී ඇත. පසුගියදා නුගවෙල මාධ්ය මහා විද්යාලයේ දී පැවති 2022 ශිෂ්යභට මධ්යම පළාත් ඇගයීම් කදවුරේදී විද්යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත. මෙම දක්ෂතාවය දැක්වූ සිසුන් සියලු දෙනා ඇගයීමද මෙහිදී සිදු කෙරින.
විදුහල්පති ඩි.එච්.එච්.එම්.ඩි.යූ දුනුවිල මහත්මියගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම ඇගයිමේ උළෙල සදහා වත්තේගම සහකාර අධ්යාපන අධ්යක්ෂිකා රසිකා කලුපහනගේ, ශ්රී ලංකා ෆෙන්සින් සංගමයේ ලේකම් කර්නල් අජිත් සියඹලාපිටිය, ශ්රී ලංකා ෆෙන්සින් සංගමයේ සභාපති ශිවන්ත ද සිල්වා , ශ්රී ලංකා පාසල් ෆෙන්සින් සංගමයේ ලේකම් අනුර තෙන්නකෝන් , ශ්රී ලංකා ෆෙන්සින් ජාතික පුහුණුකරු ආසිරි විජේසිංහ, පාසලේ ෆෙන්සින් පුහුණුකරු වන පියුමි ක්රිෂාන්ති , 23වන බල ඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් ජේ.ආර්.විතානගේ, ජාත්යන්තර පදක්කම්ලාභී මලල ක්රීඩක කේ.එම්.කරුණාරත්න, විදුහලේ ආචර්යමණ්ඩලය හා දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වුහ.
