මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශූරතාවයන් ගඟවටකෝරලය හා කුණ්ඩසාලය දිනාගනී

මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශූරතාවයන් ගඟවටකෝරලය හා කුණ්ඩසාලය දිනාගනී

47වන ජාතික මහා ක්රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්රික් අන්තර් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය පාපන්දු තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්යම පළාත් සභා ක්රීඩාංගනයේදී පවත්වන ලදී.
මෙම තරගාවලියේ අවසන් තරගයේ දී ඟගවටකෝරලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කල කණ්ඩායම ශූරතාව දිනාගැනීමට සමත් වූයේ ගෝල 4-0 ක් ලෙස ලබාගනිමින් පාතදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.
තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට කුණ්ඩසාලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වූ අතර, එහි අනුශූරතාව දිනා ගන්නා ලද්දේ පූජාපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම විසිනි. මෙහිදී ගෝල එකට බිඳුවක් (1- 0 ) ලෙස වාර්තා විය. මෙම තරගාවලියේ ශුරතාවයන් හිමිකර ගනුලැබූ කණ්ඩායම් මධ්යම පළාත් ක්රීඩා උළෙල නියෝජනය කිරීමට සිදුසුකම් ලබාගනී.
මධ්යම පළාත් ක්රීඩා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මහනුවර දිස්ත්රික් ක්රීඩා නිලධාරී කාර්යාලය මගින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook