Governor Inspects the Dambulla  Rathmalgahaela Junior School

දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලය ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

පවතින ආර්ථික අභියෝග හමුවේ සීමිත ප්‍රතිපාදන කළමනාකරණය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීමට කටයුතු කරනවා .
- දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලය නිරීක්ෂණය කරමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි

නව ඉදිකිරීම් සිදුකළ නොහැකි වූවත්, පවතින ප්‍රතිපාදන කළමනාකරණය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීමට කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ග‍මගේ මහතා පවසා සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලය නිරීක්ෂණ චාරිකාවක් සදහා (6) සහභාගී වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මෙම පාසලෙහි පවතින අඩුපාඩු හා සපුරා ගතයුතු අවශ්‍යතා සම්බන්ධව පසුගිය දා ජන මාධ්‍ය මගින් කල අනාවරණයන් පිළිබද ව සතුට පල කල ආණ්ඩුකාරවරයා , තමා පුවත් දුටු අවස්ථාවේදීම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් , එම අවශ්‍යතා සහ ගැටලු සම්බන්ධයෙන් සොයාබලා ගත හැකි ඉදිරි පියවරක් පිලිබදව දැනුවත් වීමට පාසල නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බවත්, හදුනාගත් අවශ්‍යතා පවතින ප්‍රතිපාදන කළමනාකරණය කරමින් ලබාදිමට අපේක්ෂා කරන බවත්, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමාජයේ සියලු පුරවැසියන්ට වගකීමක් පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මසක කාලයක් තුල නිරීක්ෂණයෙන් හදුනා ගත් සපුරා ලිය හැකි උපකරණ සහ උපාංග ලබා දීමට පියවර ගන්නා මෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් ආණ්ඩුකාරවරයා , පාසල හා සම්බන්ධ සියලු පාර්ශවයන් එක්රැස් කොට පවතින අඩුපාඩු සහ අවධානම් සහිත ස්ථාන පිළිසකර කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියළු දෙනා ගෙන ඉල්ලීමක් ද කළේය.

පාසල නිරීක්ෂණය සදහා පළාත් සභාවේ සභාපති එල්. ඩි නිමලසිරි , දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. වීරසුන්දර, විදුහල්පති බී.නන්දසේන යන මහත්ම මහත්මීන් පිරිසක් ද එක් ව සිටියේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook