මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලය පවත්වා ගෙන යාමේදී කාර්යය මණ්ඩලය ඉතා සීමිත ඉඩකඩ සහිත පරිශ්‍රය ක සිය සේවා ඉටුකිරීමේ දී මුහුණ දී ඇති දුෂකරතාවයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කලාප අධ්‍යාපන කාර්යාලය නිරීක්ෂණය කළේය . කාර්යාල පරිශ්‍රයේ පවතින ගැටළු , අවශ්‍යතා සහ සීමිත ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බැලු ආණ්ඩුකාරවරයා ඒ සදහා භාවිතයට ගත හැකි විකල්ප කඩිනමින් සියා බලා වාර්තා කරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී. ජයසූරිය මහත්මිය ඇතුළු කාරය මණ්ඩලයේ ආරාධනයෙන් මෙම නිරීක්ෂණ අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්. ප්‍රකාශ්, නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝශන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිපිසක් ද එක් විය.